Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices)

★★★★★
★★★★★
(4.68/5)

1.0.5Free3 years ago

Download Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) APK latest version Free for Android

Version 1.0.5
Update
Size 22.43 MB (23,523,248 bytes)
Developer Chamela Aluthgedara
Category Apps, Lifestyle
Package Name com.chamelalaboratory.app.sugathiyata_maga.lite
OS 5.0 and up

Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) APPLICATION description

This version mainly targets only the android lollipop OS running devices.
නමෝ බුද්ධාය!
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

'සුගතියට මඟ' මෘදුකාංගය දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත් , කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී. පින්වත් ඔබගේ පහසුව සදහා විශේෂතා අංග කිහිපයක් එක් කොට ඇත.

*මෙම යෙදුමේ විශේෂතා*

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.
- අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ.
- අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
- අතිපූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමීන් වහන්සේ.
- අතිපූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.

තවත් විශේෂාංග
- පිං පොත. (ඔබ කරන සියලුම පිංකම් මෙහි සටහන් කර නිතරම කියවන්න)
- රුවන් වැකි එකතුවක්.
- පින්බර දසුන්. (ඔබත් දැක පහන් සිතින් අනුමෝදම් වන්න)
- දුර්ලභ ලිපි එකතුවක්.
- පිරිත් සූත්‍රයන්.
- සදහම් ලේඛන(PDF).
- ඉතා දුර්ලභ දහම් කරුණු පැහැදිලි කිරීම්.

පින්වත් ඔබ සැමට සියලුම දානයන් අතරින් අග්‍රම දානය වන, උතුම් ධර්ම දානමය කුසල් රැස් කරගැනීම පිණිස මෙහි ඇති සියලුම ලිපි, රුවන් වැකි තවත් බොහො දෑ බෙදා හැරීමේ (share) පහසුකමද ඇතුලතය.පිරිත් සූත්‍රයන්ගේ පාලි හා සිංහල තේරුම ද සහිතව මෙහි ඇතුලත් කර ඇත.

සිරස FM තුලින් විකාශය වන 'පන්සිල් මළුව' වැඩසටහනට ගෞරවනීය වැඩමවීමෙන්, මහරහතුන් වැඩිමහ ඔස්සෙ ධර්මය දේශනා කරන, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ සිදු කරනු ලැබූ සියලුම දහම් කරුණු පැහැදිලි කිරිම් මෙහි ඇතුලතය.

පින්වත් ඔබ, දිනපතා එක් දහම් කරුණක් හෝ ඉගෙනීමට අධිශ්ඨානයක් සිතේ තබා ගන්න. නිතරම සද්ධර්මය ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළාවූ ඒ උතුම් සද්ධර්මය පින්වත් ඔබ නිතරම මෙනෙහි කරමින් මෙ කටුක ඝෝර භයානක සංසාරයෙන් මිදීයාමට උත්සහ කරන්න.
සංසාර භය දකින්න.

පිංවත් ඔබ දක්ෂ වෙන්න මාරයා ලෝකය සැලසුම් කරන දිශාවට නොව, සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවට ගමන් කරන්න.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක්‍ රැස්කර, මෙම 'සුගතියට මඟ' මෘදුකාංගය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද, එය අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මඟ අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

එම කුසලයන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත් අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා ...
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...

තෙරුවන් සරණයි ... සුවපත් වේවා ... !!!

මෙම යෙදුම සීමිත පහසුකම් වලින් යුක්තය. ඔබේ දුරකථනයේ ඇන්ඩ්‍රොයි මෙහෙයුම් පද්ධතිය Android Lolipop (Android 5.0/5.1) ඉහල නම් සම්පූර්ණ පහසුකම් සහිත 'සුගතියට මඟ' යෙදුම බාගත කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga


Old versions

Version Size Update
⇢ 1.0.5 (3 variants) ↓ 22.43 MB ◴ 3 years ago
⇢ 1.0.1 (1 variants) ↓ 5.59 MB ◴ 3 years ago